නවකයන්ට පොලිස් සේවයේ පිවිසුමක් - පොලීසියේ තනතුරු දෙකකට බඳවා ගන්න ලිඛිත පරික්ෂණයක්

Report

රජයේ ගැසට් නිවේදනය අංක 2442 - 2025.06.20 අනුව, ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරික්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ ලිඛිත විභාගය 2025 ඔක්තෝබර් 4 වන දින පැවැත්වීමට නියමිත ය.

මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 7,036ක් සුදුසුකම් ලබා ඇති අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 7කදී පහත දැක්වෙන ආකාරයට පැවැත්වේ:

  • උප පොලිස් පරික්ෂක තනතුර - ඔක්තෝබර් 4 වන දින පස්වරු 1.00 සිට 3.00 දක්වා
  •  පොලිස් කොස්තාපල් තනතුර - එදිනම පෙරවරු 10.00 සිට දහවල් 12.15 දක්වා

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන පහත දැක්වේ:

1. විවේකානන්ද විද්‍යාලය, කොළඹ 13

2. හමීඩ් අල් හුසේනි විද්‍යාලය, කොළඹ 12

3. ගුරුකුල විද්‍යාලය, කැලණිය

4. ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර

5. සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර

6. වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුරය

7. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල  

විභාගය සඳහා සුදුසුකම් ලබා 2025 සැප්තැම්බර් 30 වන විට විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුණු අපේක්ෂකයින්ට, ඒ සම්බන්ධව 011-2687339 හෝ 011-2687329 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බව පොලිසිය දන්වා ඇත.

සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900ක් සඳහා රැකියා අවස්ථා - සෞඛ්‍ය අමාත්‍යාංශය

සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900ක් සඳහා රැකියා අවස්ථා - සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො පාවිච්චි අයට මහ බැංකුවෙන් මෙන්න අනතුරු ඇඟවීමක්