හිටපු රැප් ගායකයෙක් පෙම්වතියන් දෙන්නව ගණිකා වෘත්තියේ යොදවන්න ගිහින් - වසර 4ට වඩා සිර දඬුවම්
ෆෙඩරල් ගණිකා වෘත්තිය සම්බන්ධ චෝදනා පිළිබඳව වරදකරු වීමෙන් අනතුරුව නිව්යෝර්ක් ෆෙඩරල් විනිසුරුවරයෙකු ෂෝන් “ඩිඩී” කොම්බ්ස්ට වසර හතරකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ අන් අමෙරිකානු හිටපු රැප් ගායකයෙකු වන 55 හැවිරිදි කොම්බ්ස්ව ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීම් චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් 12 දෙනෙකු විසින් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වුණා.
එසේ වුවත් ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම වෙනුවෙන් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ඔහු ඊයේ (03) දින වරදකරු බවට අධිකරණය තීරණය කර ඇත.
ඒ අනුව ෆෙඩරල් ගණිකා වෘත්තිය සම්බන්ධ චෝදනා පිළිබඳව මෙම ගිම්හානයේදී වරදකරු වීමෙන් අනතුරුව නිව්යෝර්ක් ෆෙඩරල් විනිසුරුවරයෙකු ෂෝන් “ඩිඩී” කොම්බ්ස්ට වසර හතරකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙහිදී විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ කොම්බ්ස් සිදුකළ අපරාධ සහ හිටපු පෙම්වතියන්ට කළ අතවර නිසා ඔහුට මාස 50ක සිර දඬුවමක් සහ ඩොලර් 500,000ක දඩයක් නියම කරන ලෙසයි.
මෙම දඬුවම ලබා දී ඇත්තේ ජූලි මාසයේදී ෆෙඩරල් ජූරි සභාවක් විසින් 55 හැවිරිදි සංගීත ක්ෂේත්‍රයේ ධනවතාට විරුද්ධව එල්ල වී තිබූ බරපතළම චෝදනා වන ජාවාරම් කුමන්ත්‍රණය සහ ලිංගික ජාවාරම යන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවයි.
ඒ ඉන් නිදහස් වුණද ඔහු ගණිකා වෘත්තියේ යෙදීමට ප්‍රවාහනය කිරීමේ චෝදනා දෙකකට වැරදිකරු වීමෙන්.