අප්‍රේල් 21ට ආණ්ඩුවෙන් කරන්න යන අලුත් නාඩගමක් ගැන සංජීව කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසන්නේ අප්‍රේල් 21 වැනිදාට දින ආසන්න වීම හේතුවෙන් ආණ්ඩුව තවත් නාඩගමකට සූදානම් වන බවයි.
අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික වශයෙන් විමර්ශන වාර්තා ඇති බවත්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නෛතික ක්‍රියාමාර්ගයක අවසානය ලෙස සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයත්, ඒ ක්‍රියාකාරීත්වය සඳහා ISIS ත්‍රස්තවාදීන්ගෙන් සහයෝගය ලැබුණු බවටත් කරුණු දක්වා ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම ප්‍රහාරකයන් දෙදෙනාගේ පියා ජාතික ජන බලවේගය විසින් තමන්ගේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු බවත්, පක්ෂයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ වාඩි කරවාගත් ආණ්ඩුවෙන් මෙවැනි විමර්ශනයක් හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය.