ජයකොඩිගේ කීර්තියට හානි කළාට දවස් 14ක් ඇතුළත රු. මිලියන 500 ක් ඉල්ලයි - ගෙව්වේ නැත්තම් කරන දේ ගැනත් අනතුරු අඟවයි
මාධ්‍ය හමුවකදී තමන්ට එරෙහිව පදනම් විරහිත මූල්‍ය චෝදනා එල්ල කළ ප්‍රසාද් සිරිවර්ධන මහතාට එරෙහිව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් එන්තරවාසියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නීතිඥ සම්පත් යාලේවත්ත මහතා හරහා යොමු කර ඇති බව කියන අඳාළ ලිපිය මඟින් තමන්ට සිදු වූ කීර්ති නාම හානිය සඳහා රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන මෙන් ඉල්ලා ඇති බව සඳහන්.
ඉකුත් මාර්තු 22 වන දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී, අමාත්‍යවරයා මූල්‍ය අවභාවිතයක නිරත වූ බවට ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව මෙහිදී අවධාරනය කර ඇත්තේ වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි මහතා, ගල් අඟුරු ආනයනය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ ලබා දීමේ අරමුණින් සිය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ අයෙකු බවයි.
එබැවින් එම ප්‍රකාශය හිටපු අමාත්‍යවරයාගේ ගෞරවයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ කීර්ති නාමයට සිතාමතා හානි කිරීමට කළ ප්‍රකාශයක් බවට නීතිඥවරයා පෙන්වා දී ඇති බව සඳහන්.
එසේම මෙම අපහාසාත්මක ප්‍රකාශය සඳහා ඉල්ලා ඇති රුපියල් මිලියන 500 ක මුදල දින 14 ක් ඇතුළත ගෙවා නිම කළ යුතු බව ද වාර්තා වේ.
එසේ නොවුණහොත් අදාළ වන්දි මුදල නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අය කර ගැනීමට අධිකරණය හමුවේ නඩු පවරන බවට හිටපු අමාත්‍යවරයා සිය එන්තරවාසිය මඟින් අනතුරු අඟවා ඇති බව සඳහන්.
කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි