අද උදේම දිලිත් ජයවීර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට කැඳවයි - හේතුව මෙන්න
සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට අද (12) දින පෙරවරුවේ කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ කොටස් වෙළඳපළ තුළ සිදුවූ බව කියන අක්රමිකතා පිළිබඳව විමර්ශනයට අඳාළව ප්රකාශ සටහන් කර ගැනීම වෙනුවෙන්.
එසේම මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010 – 2015) කොටස් වෙළදපොළේ සිදුවු වංචාවන් පිළිබදව අද (12) දින ප්රශ්න කිරීමට නියමිත බව සඳහන්.
ඊට අමතරව නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරා දෙණිය යන අය ද ඉදිරි දිනවල කොටස් වෙළඳපළ තුළ සිදුවූ බව කියන අක්රමිකතා පිළිබඳව විමර්ශනයට අඳාළව ප්රකාශ සටහන් කර ගැනීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙන බව වාර්තා වේ.
කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි