දිවයිනටම සුබ ආරංචියක් - සතොසට ගියොත් මේ භාණ්ඩ 100ටම වට්ටම් එක්ක කාර් එකකුත් දිනන්න අවස්ථාවක්[VIDEO]
එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව අද (20) දින පෙරවරුවේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවයි.
එසේ සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,
සුදු නාඩු - රු. 217
සුදු කැකුළු - රු. 203
පාන් පිටි - රු. 254
හාල්මැස්සෝ - රු. 1,050
පරිප්පු - රු. 264
බී ලූනු - රු. 150 - 160අතර මෙහිදී ඔහු කියා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවයි.
ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර සතොසින් රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව, "රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට. එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු. 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න" යනුවෙන් ද ඔහු පවසා ඇත.
අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න
අඳාළ වීඩියෝව පහතින්,