ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සහභාගීවන එංගලන්ත ක්‍රීඩකයින් මෙන්න
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සහභාගීවන ක්‍රීඩකයින් නම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව හැරී බෲක්ගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 15 දෙනෙකු සංචිතය සඳහා නම් කර තිබෙන බව සඳහන්.
එසේම දෙරට අතර එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම තරගාවලියේ පළමු එක්දින තරගය ජනවාරි 22 වන දින ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතයි.