ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට වරම් අහිමි කළ නවසීලන්තයත් අවදානමේ - අවසානේ මොහොතේ පරාජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ අද (27) දින රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත්කම් දැක්වුවා.
ඒ අනුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී (19.3) පසුකර යෑමට එංගලන්තය සමත් විය.
අද මෙම තරගය නවසීලන්තය ජය ගත්තානම් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (27) දින පැවැත්වෙන තරගයේ කුමන ප්‍රතිඵලය ලැබුවත්, පාකිස්තානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවනු ඇත.
එසේ වුවත් නවසීලන්තයට මෙන්ම පාකිස්තානයට තවමත් අවසන් පූර්ව වටය ඉතිරිව ඇත.
එබැවින් හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13.1කට අඩුවෙන් සම්පූර්ණ කළහොත් පාකිස්තානයට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට හැකි වෙයි.