මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Report

මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍යමය ස්වාධීනත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් වියයුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා විශේෂ පනතක් සකස් වියයුතු බවද ඔහු සඳහන් කලේය.

ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව සම්මානයට පාත්‍රවීම ඇගැයීම සඳහා කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ ඊයේ (10 වැනිදා) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පැෆරල් සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මැතිවරණ කොමිසමෙන් දැනට සිදු කෙරෙන්නේ දේශපාලන පක්ෂවල ගිණුම් වාර්තා සහ වාර්ෂික වාර්තා බලා ගැනීම පමණක් බවද ඔහු පවසයි.

මිනිසුන් රැගත් බෝට්ටුවක් දරුණු අනතුරක - 11 දෙනෙක් මරුට

මිනිසුන් රැගත් බෝට්ටුවක් දරුණු අනතුරක - 11 දෙනෙක් මරුට

ලොකුම ගැටලුව පවතින්නේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ක්‍රියාකාරකම් බවත් අපේක්ෂකයන් තෝරා ගැනීම යන කාරණා සම්බන්ධව ගැටලු තත්ත්වයන් පවතින බවත් ඔහු පැවැසීය.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොඳම කාලය මේ කාලය බවද ඔහු පැවැසීය.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට