පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි - ආරක්ෂක ඇමති කියයි
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණවල යම් ප්‍රගතියක් මේ වන විට ඇති බවත්, ප්‍රහාරයට අදාළ මුල් විමර්ශනවල අඩුපාඩු සහ නොසැලකිලිමත්කම් පිළිබඳවද විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.
මෙම විමර්ශන අතරතුර, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන සිවසේනතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්, ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් සිටි බවට තොරතුරු හෙළිවී ඇති බවත්, ඔහු මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවටද මේ වන විට තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා
පිල්ලයාන්ගේ බට්ටිකලෝව සිරගතව සිටි අවධියේදීම ප්‍රහාරය පිළිබඳ දැනුමක් ඔහුට තිබූ බවට සාක්ෂි ලබාගෙන ඇති බවත්, ඔහු බට්ටිකලෝව සිරගතව සිටි අවධියේදීම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වන ෂහ්‍රාන් සමඟ සම්බන්ධතා තිබූ බවටද තොරතුරු හෙළිවී ඇති බවත් විමර්ශනවලින් හඳුනාගෙන ඇත. මෙම තොරතුරු මත පදනම්ව, පිල්ලයාන් 2025 අප්‍රේල් මාසයේදී අපහරණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, CID විසින් දින 90ක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුමැතිය ලබාගෙන ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “කිසිදු අපරාධයක් සඟවාගත නොහැකි. යුක්තිය තහවුරු විය යුතුයි,” යනුවෙනි. මෙම විමර්ශනයේදී CID විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පිටු 67,000ක වාර්තාවද සමාලෝචනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.