පාඩම් කරද්දි නිදිමත එන් නැති වෙන්න මේවා කරන්න හිතන්නවත් එපා - සරසවි සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

Report

සරසවි සිසුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම හෙළි කර ඇත.

ඊට අමතරව තාක්ෂණ විද්‍යා පීඨ, ආගමික ස්ථානවලද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වැඩි වී ඇති බව විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙත අනාවරණය වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට යම් යම් මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

උදාහරණයක් ලෙස දුම්වැටි භාවිතය පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ධනය වී ඇත්තේ නීතිගත මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආරම්භය නිසයි. දුම්පානය හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා දිනකට පුද්ගලයන් 50 ක් පමණ මිය යන බව සඳහන්.

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සහ ඒවා භාවිත කිරීම හේතුවෙන් ඇතිවන රෝගාබාධ නිසා දිනකට 80 ත්, 100 ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත් වේ.

රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ,

"මෙරට කොරෝනා වසංගතය පැවැති සමයේදීවත් මත්ද්‍රව්‍යවලින් දිනකට මියයන වාර්තාව කඩන්න බැරි වුණා. සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම හේතුවෙන් පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඉහළ ගොස් තිබෙනවා’’යනුවෙන්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

එසේම, "විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩිවී තිබෙනවා. මත්ද්‍රව්‍ය ගත්තොත් නිදිමත එන්නේ නෑ. පාඩම් කරන්න පුළුවන් වගේ වැරදි මත සමාජගතවීම හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. එලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම සඳහා පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ‘‘රටම එකට’ ජාතික මෙහෙයුම හරහා ක්‍රියාවට නංවා තිබෙනවා" යනුවෙන් ද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවැත් විෂ මත්ද්‍රව්‍ය නිරාවරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්

තත්ත්වය දරුණු අතට - මුළු ලංකාවටම වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් - මහජනතාවට දැනුම් දීමට උපදෙස්