ඖෂධ සංස්ථාවට ඖෂධ සැපයුම්කරුවන්ගෙන් මිලියන ගණන් පාඩුවක්
වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වූ ඖෂධ සපයා තිබීම වෙනුවෙන් දැරූ පිරිවැය මෙන්ම ඒ සඳහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරීමේ වියදම් සමඟ රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අය වීමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම වර්ෂයේ මාර්තු මස 31 දින වන විටත් මෙකී මුදල් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට නොහැකිව තිබුණි.
අසාධු ලේඛනගත ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ඇති මුදල රුපියල් මිලියන 1,651.98කි. 2025 වර්ෂයේ මාර්තු මස 31 දින වන විටත් අවසාන සිහිකැඳවීමේ ලිපි යොමු කොට ඇති සැපයුම්කරුවන්ගේ අයකර ගත යුතු මුදල රුපියල් මිලියන 279.45කි.
එම මුදල් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අයකර නොගෙන ඇති මුදල් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීම සඳහා කඩිනම් හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.