මීට පස්සේ පාසල්වල වෙන වෙනස්කම් මේවා, හරිනිගෙන් මන්ත්‍රීවරුන්ට වැඩසටහනක්

Report

අද (11) දින 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඒ අනුව මෙම වැඩසටහනින් නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසමෙන් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම මෙකී ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ 21 වන සියවසේ සහ ඉන් ඔබ්බට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට සමත් පුරවැසියෙක් නිර්මාණය කිරීමට මූලික අඩිතාලම දැමීම සහ එම නව පුරවැසියා රටේ තිරසර ජාතික සංවර්ධනය සහ සාමය සම්බන්ධ ක්‍රියාවලියට දායක කර ගැනීමයි.

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මූලිකව පැහැදිලි කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කර ඇත.

එහිදී විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙත මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා.  

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත