රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.

Healthy Food Recipes Sri lanka Food Recipes Milk
By Wayomi Jun 19, 2024 06:01 AM GMT
Wayomi

Wayomi

Report

බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය,විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.


ඒ, අනුව මේ පර්යේෂණ සඳහා භාජනය කිරීමට මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, තම රූසපුව වැඩිදියුණු කර ගැනීම සඳහා ක්ලියෝපැට්රා වැනි රූමතියන් බූරු කිරි පාවිච්චි කළ බවට ඉතිහාසයේ සඳහන් වන බවත් ඒ කිරි ආශ්‍රයෙන් ආලේපන සකස් කිරීමේ හැකියාව සම්බන්ධව වෛද්‍ය පීඨය සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ කිරීමට සැලසුම් කර තිබෙන බවත්ය.

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.


බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මවු කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත්, පර්යේෂණ සාර්ථක වී නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු අවධාරණය කරනවා.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ හොඳින් වැඩුණු බූරුවකු දිනකට තණකොළ කිලෝග්‍රෑම් 5ක් පමණ ආහාරයට ගන්නා බවත් ඔවුන්ගෙන් දෛනිකව ලබා ගත හැකි කිරි ප්‍රමාණය එළදෙනකුගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා අඩු බවත් මහාචාර්යවරයා පවසනවා.

හැමදේම මිල අඩු වෙද්දී එක් සේවාවක මිල ඉහල දැමීමක්.?

හැමදේම මිල අඩු වෙද්දී එක් සේවාවක මිල ඉහල දැමීමක්.?


පුත්තලම හා මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් බහුලව දක්නට ලැබෙන මේ සත්ත්ව විශේෂය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තු භාරකාරත්වයෙන්ද ඉවත් කර තිබෙන බවත් අයාලේ යන්න ඉඩ හැර සිටින බූරුවන් අනතුරුවලට ලක්ව මියයන අවස්ථා බහුලව වාර්තා වන බවත් දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

බූරුවන්ගේ ආයු කාලය,ගැබ් කාලය,පැටවුන් බිහි කිරීමෙන් පසු කිරි ලබා ගැනීමට හැකි සක්‍රිය කාලය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පශු වෛද්‍ය පීඨයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදු කරන බවද මහාචාර්යවරයා පැවසීය.

කුකුල් චමින්දගේ බිරිද පොලිසිය නොමග යවලා ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගරලා.? - අලුත් තොරතුරු රැසක් එළියට.

කුකුල් චමින්දගේ බිරිද පොලිසිය නොමග යවලා ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගරලා.? - අලුත් තොරතුරු රැසක් එළියට.


මේ අතර කල්පිටියට ආවේණික ජෛව සම්පතක් සේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයටද හේතුවක් වන කල්පිටි බූරුවන් වඳව වී යෑමේ තර්ජනයක් සම්බන්ධයෙන් ද වාර්තා වෙනවා.

එම බූරුවන්ගේ නිජබිම් අහිමිවීම නිසා මහමඟ රිය අනතුරුවලට ලක්ව මියයන බූරුවන් මෙන්ම ගොවිබිම් ආක්‍රමණය කිරීම නිසාත්,නිවෙස් හා මුළුතැන්ගෙවල්වලට රිංගීම නිසා කැට කැබිලිති පහරට ලක්ව මියයන්නෝ ද සුලබය. බූරුවන්ගේ නිජබිම් වනුයේ කල්පිටි කළපු තෙර,කඩොලාන වගුරු බිම් සහ වැලි කඳු ආශ්‍රිත නිම්නයන්ය.

බිලියන 14ක් වියදම් කරලා මුරලි ඉන්දියාවේ මොකක් ද මේ හදන්න යන්නේ.? - අක්කර 46ක්ම අරගෙන.

බිලියන 14ක් වියදම් කරලා මුරලි ඉන්දියාවේ මොකක් ද මේ හදන්න යන්නේ.? - අක්කර 46ක්ම අරගෙන.


නමුත් විවිධ සංවර්ධන ක්‍රියා ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට තම නිජබිම් අහිමි වී ඇති අතර කල්පිටි බූරුවන් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති සත්ත්ව කොට්ඨාසයක් වන අතර භාණ්ඩ සහ පුත්තලමේ ලුණු ප්‍රවාහනයට ශ්‍රී ලංකාවට රැගෙන ආ බූරුවෝ පසුකලෙක කල්පිටි බූරුවෝ බවට පත්ව ඇත.

බුරු කිරි ආශ්‍රිත කරගෙන නිෂ්පාදන කිරීමට පර්යේෂණ කරන මේ අවස්ථාවේ මේ කල්පිටි බූරුවන් සංරක්ෂණය සඳහා ද නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින අතර ප්‍රදේශයේ කෘෂි ව්‍යාපාරිකයකු වූ එරඹුකුඩැල්ලේ පදිංචි රොෂාන් ප්‍රියලාල් සිල්වා මහතා පැවසුවේ බූරුවන් මේ වන විට පොල් වතුවල බැඳ තබා පොල් කුරුමිණියන් පලවා හැරීමට භාවිත කරන බවයි.

සංරක්ෂණයට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණොත් තව වසර ගණනකින් බූරුවන් නැත්තටම නැතිව යන බව ඔහු අවධාරණය කරනවා.

රියදුරු දෑතට බුදුසරණයි කියලා - වේග සීමා නීතිය වෙනස් කරමින් අලුත් ගැසට් එකක්. - (VIDEO)

රියදුරු දෑතට බුදුසරණයි කියලා - වේග සීමා නීතිය වෙනස් කරමින් අලුත් ගැසට් එකක්. - (VIDEO)


මේ සම්බන්ධයෙන් විමසීමේදී කල්පිටිය වන අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා කියා සිටියේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 11 වගන්තිය (අ ) අනුව බූරුවා ගෘහාශ්‍රිත සත්ත්වයකු ලෙස නම් කර ඇති බවත් ඒ නිසා එම පනත බූරුවන්ට අදාළ නොවන බවයි.  

......................................

May you Like