කුකුල් චමින්දගේ බිරිද පොලිසිය නොමග යවලා ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ගරලා.? - අලුත් තොරතුරු රැසක් එළියට.

Sri Lanka Police
By Wayomi Jun 18, 2024 01:27 PM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති කුකුල් චමින්ද නැමිති පුද්ගලයාගේ බිරිද ගැන විශේෂ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ,ඇය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයින් බියගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව කුකුල් චමින්දගේ බිරිදවන පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව ට ඉදිරියෙදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිසිය පවසනවා.

මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පොතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමාව අතවර කිරීමකට ලක්කර බවට පවසා හොරොවිපොතාන පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර ඇත.

ඒ වනවිට හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර දුරකථනයෙන් ඒ මහතා සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළිබඳව දැණුවත් කිරීමටද පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර එහිදී මෙම කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්ථාවක් ලබා දෙන ලෙසටද අධිකරණය පොලිසියට නියොග කර ඇත.

ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුනා.

එහිදී එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත තමාට මාසික ශුද්ධිය සෑදී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකග වී ඇති නමුත් අනතුරුව දින කිහිපයකට පසු නැවත මෙම කාන්තාව හට හොරොව්පොතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණිනෙ ලෙස දන්වා තිබුනා.

එහිදී ද මෙම කාන්තාව වැලිඔය, පදවිය, වැනි ප්‍රදේශවල නෑදෑ ගෙදරකට පැමිණි ඇති බව පවසා දුරකථනයද විසන්ධි කරමින් පොලිසිය හා අධිකරණ වෛද්‍යවරයා මග හරිමින් සිටීමට උත්සහ දරමින් සිට ඇත.

ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර මෙම පැමිණිලිකාරිණිය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබා ගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ සිදු කළ පොලීසිය හට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වී ඇති නමුත් සැකකාර කාන්කාව සැගවී සිටිම හේතුවෙන් පොලීසියට ඇයව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

රස්තියාදු නොවී මේක දැනගෙනම යන්න. - විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් මෙන්න.

රස්තියාදු නොවී මේක දැනගෙනම යන්න. - විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් මෙන්න.


පසුගියදා දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධව කුකුල් චමින්ද නැමැති පුද්ගලයා පිළිබඳ මුහුණු පොත මෙන්ම ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබූ අතර ඒ අනුව එහි සිටි කාන්තාව පිළිබඳව හොරොව්පොතාන පොලිසිය අවධානය යොමු කළා.

ගුවන් යානයේ යද්දී දෙන සුපිරි කෑම එකෙන් මෙහෙම දෙයක් හමු වෙයි කියලා හිතුවේ නෑ නේද? - කද්දී පරිස්සමෙන්. (VIDEO)

ගුවන් යානයේ යද්දී දෙන සුපිරි කෑම එකෙන් මෙහෙම දෙයක් හමු වෙයි කියලා හිතුවේ නෑ නේද? - කද්දී පරිස්සමෙන්. (VIDEO)


ඇය පොලිසිය විසින් සොයමින් සිටි කාන්තාව බව අණාවරණය වූ හොරොව්පොතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනෙකු ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ එම නිවස වෙත ගොස් එම සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගෙන තිබුනා.

එහිදී එම කාන්තාව තමන් විසින් හොරොව්පොතාන පොලිසියේ සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගෙන ඇති අතර ඉදිරියෙදී අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම මුල් කර ගනිමින් හොරොවිපොතාන පොලිසිය නඩුවක් ගොණුකර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිවි.එම්.එන්. අයි දයානන්ද පවසා ඇති බවද වාර්තා වෙනවා. 

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

....................................

You May Like