ගොටුකොළ කියලා හිතලා මේවා කන්න නම් හිතන්නවත් එපා - ගෙදර දැක්කත් මුල් පිටින් උදුරලා දාන්න

Report

පොඩි කාලේ ඉඳන්ම ලස්සන වෙන්න, කොණ්ඩෙ වැවෙන්න වගේ නානාප්‍රකාර හේතු ගැන කියලා නිවෙස්වල හැදෙන ආහාරයක් තමයි පලා වර්ග, සරලව කිව්වොත් කොළ මැල්ලුම්.

ඉතින් කොළ මැල්ලුම් කිව්ව ගමන්ම ගොඩක් අයගේ ඔළුවට එන පලා වර්ගයක් තමයි ගොටුකොළ කියන්නේ. මේ ලිපිය අන්න ඒ ගැනයි.

ගොඩක් අය ආසාවෙන් කන කෑමක් නිසාම ජලාශ්‍රිත ස්ථානවල මෙන්ම වියළි බිමේ ද පැතිර යන ගොටු කොළවලට සමාන ආක්‍රමණශීලී විය හැකි ශාකයක් මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙම ශාකයේ පත්‍ර කුඩයක හැඩයකින් දක්නට හැකි බව හා පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර දාරය යම් තරමක ගොටු කොළ ශාකයේ පත්‍ර මෙන් රැළි සහිත පත්‍ර නිරීක්ෂණය වන බවයි.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු,

"මෙම ශාක වර්ගය මෙරටදී "රට ගොටු කොළ" කොරියන් ගොටු කොළ හෙවත් 'මිනි ලෝටස් (Mine Louts) යන නම් වලින් හඳුන්වන ලබයි. විසිතුරු මත්ස්‍යාගාර සහ පොකුණු තුළ වගා කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති මෙම ශාකය මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ති වෙලා. ඊට අමතරව ඇතැම් පිරිස් එල්ලෙන පෝච්චි තුළ විසිතුරු ශාකයක් ලෙස මෙම ශාක වර්ගය වගා කර තිබෙනවා. ගොටු කොළ ශාකයට සමානතාවයක් දක්වන මෙම ශාකයේ පත්‍ර ඡත්‍රාකාර හෙවත් කුඩයක හැඩයකින් දක්නට හැකියි. පත්‍ර තලය රවුම්ව දක්නට ඇති අතර, දාරය යම් තරමක රැළි වැටී ඇති ආකාරයක් නිරීක්ෂණය කළ හැකියි. පත්‍රයේ යටි පැත්තට නටුව සම්බන්ධ වී ඇති අතර, වේගයෙන් පැතිර යන මෙම ශාකය පසෙහි ඇති බැර ලෝහ විශාල වශයෙන් අවශෝෂණය කර ගන්නා බවට හඳුනා ගෙන තිබෙනවා. ඇතැම් පිරිස් ගොටු කොළ යැයි සිතා මෙම පත්‍ර ආහාරයට ගැනීම සිදු කරනවා. නමුත් අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කර ගන්නා නිසා මෙම ශාක වර්ගය ආහාරයට නුසුදුසු බවයි අපගේ අදහස. මෙම ශාකය අධික වේගයෙන් වර්ධනය වීම සහ භූමිය වසා ගෙන පැතිර යෑම නිසා ඉදිරියේදී අක්‍රමණශීලී වීමට ඉඩ තිබෙනවා. වර්තමානයේ තම පොකුණු වල එහෙමත් නැත්නම් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා කිසියම් අයකු මෙම ශාක වර්ගය යොදා ගන්නේ නම් කුමන හේතුවක් නිසා හෝ ඒවා පරිසරයට මුදා නොහැරීමට ද වග බලා ගත යුතු වෙනවා."

ඉතින් ගොටුකොළ කියලා හිතලා කන්න කළින් ඇත්තටම ගොටුකොළම ද කියලා හොඳට පරික්ෂා කරලා බලන්න.

ඔයත් වැසිකිළියට ගිහින් ෆෝන් එක පැය ගණන් ඔබනවද? වෙන දේ දන්නවා නම් ෆෝන් එක අල්ලන්නවත් හිතන්නෑ

ඔයත් වැසිකිළියට ගිහින් ෆෝන් එක පැය ගණන් ඔබනවද? වෙන දේ දන්නවා නම් ෆෝන් එක අල්ලන්නවත් හිතන්නෑ

Gallery