ඉන්දු – ශ්රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින් ‘තරංගිනී’ නෞකාව දිවයිනට
ඉන්දු – ශ්රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින් ‘තරංගිනී’ නෞකාව දිවයිනට ඉන්දීය නාවික හමුදාවට අයත් රුවල් පුහුණු නෞකාවක් වන ‘තරංගිනී’ නමැති නෞකාව අද (27) ත්රිකුණාමලය අෂ්රොප් ජැටියට ළඟාවීමට නියමිතව තිබේ.
ඉන්දු – ශ්රී ලංකා නාවික සබඳතා පුළුල් කරමින් මිත්රත්වය වැඩි දියුණු කරමින් මෙම නෞකාව අද මෙරටට පැමිණීමට නියමිතය.
ලොව නාවික හමුදාවන් සතු වන්නේ එන්ජිමක් හා ගෑස් ටර්බයිනයක් සහිත මෙම පුහුණු රුවල් නෞකා සීමිත ප්රමාණයකි .
මින් ඉන්දීය නාවික හමුදාවට මෙවැනි රුවල් පුහුණු නෞකාවක් සතුවීම ප්රමුඛස්ථානයක් ගෙන ඇත.
මෙම පුහුණු රුවල් නෞකාව ඉන්දීය වෙරළාරක්ෂකයන් පුහුණු කිරීම සඳහා යොදාගන්නා නෞකාවකි.
ත්රිකුණාමලය අෂ්රොප් ජැටියට සේන්දු වන මෙම රුවල් පුහුණු නෞකාව නිලධාරීන් හත්දෙනෙක් හා නාවිකයන් තිස්දෙනකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සතු වේ.
මාර්තු 02 වැනිදා දක්වා ත්රිකුණාමලයේ රැඳී සිටිමින් හා මාර්තු 06 වැනිදා සිට 09 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටිමින් මෙම කාලසීමාව තුළ වරාය අදියර හා මුහුදු අදියර යන අදියර ද්විත්වයකින් ශ්රී ලංකා නාවික හමුදාවේ පුහුණු නිලධාරීන්ට සාගර යාත්රා කිරීමේ පුහුණුව සහ අත්දැකීම් ලබා දීමට කටයුතු කරනු ඇත.
මෙම ඉන්දීය පුහුණු රුවල් නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කමාන්ඩර් නිතින් ගජ්ජර් (Commander Nitin Gajjar) මහතා කටයුතු කරනු ලබයි