උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

Report

මාතර රාහුල විද්‍යාලයේ ආබාධ සහිත සිසුවෙකු වන සවිත් ගිම්හාන මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට වෛද්‍ය පීඨයට තේරී පත්ව ඇත්තේ ඔහු ඇතුළු සියලු දෙනාම සතුටු කරමින්.

උසස්පෙළට ජීවවිද්‍යා අංශයෙන් පෙනීසිටි සවිත් විෂයන් තුනටම A සාමාර්ථ මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ජීවවිද්‍යා අංශයෙන් 09 වැනි ස්ථානයත් හිමි කර ගැනීමට සමත්ව ඇත.

කුඩා කාලයේදී මව්පියන් සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සිදු වූ අනතුරක් නිසා සවිත් අබාධයට ලක්ව තිබෙන අතර සචිත්ගේ පියා එම අනතුරෙන්ම දිවි හැර යන්නේ සචිත්ගේ ජීවිතය තව දුරටත් අභියෝගයකට ලක් කරමින්.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ මෙන්න

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ මෙන්න

එහෙත් එතැන් පටන් ඒ සියලු බාධක මැද සවිත් පෝෂණය කර ඔහුට අධ්‍යාපනය ලබා දීමට සවිත්ගේ මව උත්සුක වී තිබුණා.

සචිත් සඳහන් කළ ආකාරයට ඔහුට එම අනතුර සිදුවන විට වයස අවුරුදු 2ක් විය.

එම අවාසනාවන්ත රිය අනතුර නිසා කුඩා කාලයේදීම සිය ජීවිතය රෝද පුටුවකට සීමා කරන්නට සිදු වුණත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක්, සාමන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් මෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ අභියෝග කම්කටොලු මැද ඔහුගේ සිතේ ධෛර්‍ය මනාව පිළිබිඹු කරමින්.

ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න.. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නවා කියපු ලාල් හදපු ගෙදරින් බුකිය කැළඹෙයි

ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න.. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නවා කියපු ලාල් හදපු ගෙදරින් බුකිය කැළඹෙයි

ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ගැන දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ

ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ගැන දිවයිනටම සතුටු හිතෙන නිවේදනයක් - අප්‍රේල් සහ මැයි මාසවලට බය වෙන්න දෙයක් නෑ