මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ මෙන්න

Report

මෙවර 2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ.

ඒ අනුඅව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේ ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බවයි.

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත.

 මේ අතර විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි.

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන් ජීව විද්‍යාව - පාසල් 59.56% - පෞද්ගලික 58.43%ක්

භෞතික විද්‍යාව - 63.96% - පෞද්ගලික 61.59%

වාණිජ - 72.02% - පෞද්ගලික 66.29%

කලා - 67.57% - පෞද්ගලික 63.57%

ඉංජිනේරු තාක්ෂණවේදය - 64.85% - පෞද්ගලික 62.65%

ජෛව පද්ධති තාක්ෂණවේදය - 71.76% සමස්ත 70.24% වෙනත් විෂය - 55.39%

සමස්ත 51.45%

මෙවර විශ්වවිද්‍යාල ලැබූ ප්‍රතිශතය පළාත් අනුව,

බස්නාහිර - 69.42%ක් වයඹ - 68.48%ක් උතුරු - 66.91%ක් නැගෙනහිර - 66.32%ක් දකුණ - 65.69%ක් සබරගමුව - 64.97%ක් ඌව - 63.53%ක් මධ්‍යම - 63.04%ක් උතුරු මැද - 60.91%ක්

 ඒ අනුව මෙවර දිවයිනේ ප්‍රථම ස්ථානය දිනගත් සිසුන් පහතින් 

ජීව විද්‍යා විෂය ධාරාව පළමු ස්ථානය - ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය)

දෙවන ස්ථානය - ක්‍රිෂාන් සසිදු නම්තර (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය)

තෙවන ස්ථානය - දර්ශනා කෝනේෂ් (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාල‍ය, ත්‍රිකුණාමලය)