ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙළක් නෑ කරන්නේ ජනතාව පිට බදු පටවන එක විතරයි– දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්

Report

ජනතාව තුළ අධිකරණ පද්ධතිය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටුණහොත්, රටේ සමස්ත ආණ්ඩුකරණය, පුරවැසියන්ගේ ආරක්ෂාව මෙන්ම සමාජයේ ස්ථාවරත්වයද දැඩි අර්බුදයකට ලක්විය හැකි බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණ පද්ධතිය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳ ජනතා විශ්වාසයට හානිවන ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරන බවට බරපතළ විරෝධයක් පවතින බවයි.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා ගොඩනඟාගෙන ආ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දුන් ඒ මහතා, එම විශ්වාසය කිසිදු ආකාරයකින් පලුදු නොවන ලෙස කටයුතු කිරීමට ආණ්ඩුවට බල කළ යුතු බවද ප්‍රකාශ කළේය.

"කොළඹ කුණු ප්‍රශ්නය නගර සභාවට විතරක් තනියම විසඳන්න බෑ" - නගරාධිපතිනී කෙලින්ම කියයි

"කොළඹ කුණු ප්‍රශ්නය නගර සභාවට විතරක් තනියම විසඳන්න බෑ" - නගරාධිපතිනී කෙලින්ම කියයි

ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිදු කළ දේශපාලන ප්‍රකාශ පිළිබඳව අදහස් දැක්වීමට තමන් සූදානම් නොවන බව සඳහන් කළ ජයවීර මහතා, රජයකට ආදායම් උපයා ගැනීම සඳහා ඉන්ධන මත බදු පැනවීම සාමාන්‍ය ක්‍රමවේදයක් වුවද, එය අසාධාරණ ලෙස සිදු කළහොත් එහි බර ජනතාවට දරාගත නොහැකි වන බව අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුවට නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් නොමැති බැවින් ආර්ථික කළමනාකරණයේ දුර්වලතා පියවා ගැනීම සඳහා ජනතාව මත අඛණ්ඩව බදු බර පටවන බවයි.

එහි එක් පියවරක් ලෙස ඉන්ධන මත විශාල බදු බරක් පනවා ඇති බවත්, එම තත්ත්වය ජනතාවට පමණක් නොව ආයෝජකයන්ටද දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉහළ නිෂ්පාදන වියදම් හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීමට සිදුවන අතර, සංචාරක කර්මාන්තයද ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතින බව ජයවීර මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙවැනි අධික පිරිවැය යටතේ තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට නිෂ්පාදන තරගකාරී ලෙස ඉදිරිපත් කිරීම අපහසු වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම