මාලිමා ආණ්ඩුවට දිලිත්ගෙනුත් කොළ එළියක්
ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
IMF කිව්වටත් වඩා වැට් ගහලා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙද්දිත් මේපාර මිලියන 1330ක් අඩුකරලා - අමාත්‍යාංශයක මුදල් කැපුවට සජිත්ට මළ පනී
"පහුගිය ආණ්ඩුවලට වඩා ව්‍යාපාර කරගන්න ගියාම කරදර අඩු යැයි අද රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අතර මතයක් තියෙනවා. අප ඒක අගය කරන්න ඕන. වෙනදා දේශපාලකයන්ගේ පස්සෙන් යන්න අවශය යැයි විවේචනයක් තිබුණා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ අදූෂිත බව පිළිබඳව ප්රතිවෘත්තාව කැඩී තිබෙනවා. දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. එම චෝදනා වල බැලු බැල්මට සත්‍යයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.ඒ ගැන සැලකිලිමත් විය යුතුයි" යනුවෙන්ද දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.