රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

Anura Kumara Dissanayaka Technology AKD
By Wayomi Oct 21, 2024 02:52 PM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අකාර්යක්ෂමතාවයේ පවතින සියලු රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට ලක්කිරීම, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

ඊයේ (20) හෝමාගමදී පැවැත් වූ ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

 

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

 

එහි දී ඔහු සඳහන් කළේ,මේ වන විට විදෙස් රටක ඩිජිටල්කරණය පිළිබඳව ප්‍රමුඛ සමාගමක සේවයේ යෙදී සිටින එම ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටි අත්දැකීම් බහුල පුද්ගලයෙකු, තම රජය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙලට සහය දැක්වීම උදෙසා ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට නියමිත බවයි.

එමෙන්ම ඒ අනුව සති දෙකක් වැනි කාලයක් ඇතුළත ඔහු වැඩ බාරගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

 

"මේ සියල්ල ඩිජිටල්කරණයට අපි ලක්කරනවා. ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බවට අපි පත්කරනවා. මම ඔබට කියන්න කැමති ඒ ක්ෂේත්‍රය පිළිබඳව ලංකාවේ ඉන්න අත්දැකීම් සහිත, අද ලංකාවේ නෙවෙයි ඔහු ඉන්නේ, විදෙස් රටක. මේ කලාපයේ රටවල් හත අටක ඔහු ඩිජිටල්කරණය පිළිබඳව ඒ සමාගමක වැඩ කරන කෙනෙක්. ඔහු ඒ ක්ෂේත්‍රය පිළිබඳව විද්වතෙක්. අපි ඔහු එක්ක සාකච්ඡා කරලා තියනවා. ඔහු ඒ සියල්ල අත්ඇරලා, මතක තියාගන්න මම ඔහු ඉදිරිපිටම කියන්නම් ඔහු අත්හැරපු මාසික වැටුපේ ගාන. ඒ සියල්ල අත්ඇරලා ස්වෙච්ඡාවෙන් ලංකාව ඩිජිටල්කරණය කිරීම උදෙසා මැදිහත් වෙන්න සූදානමින් ඉන්නවා. තව සතියක් දෙකක් ඇතුළත ඔහු වැඩ බාරගන්න ලෑස්තියි. අපි අලුත් ඩිජිටල්කරණය සඳහා අමාත්‍යාංශයක් ගොඩනගනවා."   

ජනපති අනුර මැදිහත් වෙයි. - අත්‍යාවශ්‍ය ආහාර ගැන තීරණයක්.- බිත්තර ගැනත් දැඩි තීරණයක් ගනී.

ජනපති අනුර මැදිහත් වෙයි. - අත්‍යාවශ්‍ය ආහාර ගැන තීරණයක්.- බිත්තර ගැනත් දැඩි තීරණයක් ගනී.

 

ගුවන් යානයක් කුළුනක වැදී සිදු වූ මාරක අනතුර. - (VIDEO)

ගුවන් යානයක් කුළුනක වැදී සිදු වූ මාරක අනතුර. - (VIDEO)