"තාජුඩීන්ගේ මරණෙට ඇයි නාමල් මෙච්චර කලබල? තව පෝය කීයක් එළියේ ඉන්නවද බලන්නකෝ " අමාත්‍ය මහින්ද ජයසිංහ
අද දින (2) කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ පැවති රැකි රක්ෂා පොළ වැඩසටහනට සහභාගි වූ අතර එහිදී තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ කටයුතු වලට නාමල් රාජපක්ෂ බිය විය යුතු නැති බව පවසා ඇත.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
“නාමල් මෙච්චර කලබල වෙන්න ඕන්නෑ තාජුඩීන්ගේ මරණය ගැන මං හිතන්නේ. ඔහුගේ කලබල වීම ඇතුලෙම යමත් තිබෙනවා. ඒ නිසා තාජුඩීන්ගේ මරණය පිලිබද බරපතල සැක සංකා තියනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල මේකට යම් සම්බන්ධයක් තිබෙන බවට පසුගිය කාලය තුලම විවිධ මත, විවිධ කථා පැවතුනා. ඉතින් විධිමත් ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂන සිදු වෙමින් තියනවා.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
නාමල්ටවත් කාටවත් කලබල වෙන්න දෙයක් නෑ. මොකද මේ ආණ්ඩුව හැම අපරාධයක් පිලිබදවම, හැම වංචාවක් දූෂණයක් පිලිබදවම ඉතාමත් විධිමත් ලෙස විමර්ෂන සිදු කරනවා, සිදු කරලා වැරදිකරුවන්ට නිවැරදි ලෙස දඩුවම් කරනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්නැ. ඉස්සලම නාමල්ට අපිට කියන්න තියෙන්නේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ කලබල නැතුව ඉන්න. පෝය ගත වෙන එක ගැන ඒ ගොල්ලෝ ගණන් බලමින් ඉන්නවා. එගොල්ලො ගණන් හදන්න ඕන තව පෝය කියක් එළියේ ඉන්නවද කියලා?
ආණ්ඩුව නැති කරන්න නම් පුලුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ. රටේ ජනතාව අද මේ ආණ්ඩුවේ ගමන් මග පිලිබද ඉතාමත් හොදින්, අවබෝධයෙන් ඉන්නවා, පැහැදීමකින් ඉන්නවා. ආණ්ඩුව තුල අඩුපාඩු තියනවා නම් ඒවත් සකස් කරගෙන අපි සුදානම් ඉදිරියට ඉතාමත් හොදින් මේ රට අරගෙන යන්න." යැයි පැවසුවේය.
