හෙට ඕස්ට්‍රේලියාවට විනාශකාරී තාප තරංග අවදානමක් - පාසල් වසා දමද්දි රටම බියෙන් ඇවිළෙයි

Report

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (9) දින තාප තරංගවලින් බලපෑම් එල්ල වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඇතැම් ප්‍රදේශවල විනාශකාරී ලැව්ගිනි හටගැනීමට ඉඩ ඇති බවත් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.

ඒ අනුව ක්වීන්ස්ලන්තය හැර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම සහ ප්‍රදේශයකටම තාප තරංගවලින් බලපෑම් එල්ල වනු ඇති බවත්, දින ගණනාවක් පුරා ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇති බව සඳහන්.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඉකුත් 6 වන දිනයේ, ලැව් ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම ‘ව්‍යසනකාරී’ වශයෙන් - ඉහළම මට්ටමට - නියම කර ඇති බවත් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 450 ක් පමණ වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

අද සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙන විශේෂ නිවේදනයක්

එමෙන්ම අද (8) දින වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගිනි කිහිපයක් ගිනි නිවන භටයින් මැඩපැවැත්වූ අතර, වොඩොන්ගා නගරය අසල විශාල ගින්නක් මැඩපැවැත්වීමට ගුවන් යානා මඟින්ද ජලය රැගෙන පැමිණි බව විදෙස් මාධ්‍ය දක්වයි.

ඒ අනුව මෙල්බර්න් නුවරට වසර හයකින් පසු ඊයේ (7) ‘උණුසුම්ම දිනය’ අත්විඳින්නට හැකි වූයේ සෙල්සියස් අංශක 40.9 ක උපරිම උෂ්ණත්වයක් වාර්තා කරමින්.

එසේම ඊයේ බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර වෙරළබඩ නගර සෙල්සියස් අංශක 49 ක් වු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර නිව් සවුත් වේල්ස් හි, සෙනසුරාදා තාප තරංගය උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර සිඩ්නි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ යනු ඇති බවත් දකුණු ඕස්ට්‍රේලියාවේ සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇති බවත් සඳහන්.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ ඇන්ගස් හයින්ස්, වර්තමාන තාප තරංගවල බලපෑමේ උච්චතම අවස්ථාව සිකුරාදා (9) වනු ඇති බවට පැවසු බව විදෙස් මාධ්‍ය පවසයි.

මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත් වන මෙල්බර්න් සහ ඇඩිලේඩ් සඳහා බදාදා දිනය පළමු සැලකිය යුතු තාප තරංගය වූ අතර සිකුරාදා (9) ලැව්ගිනි තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයිද ඇන්ගස් හයින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හයින්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ ‘හෙට වික්ටෝරියා හරහා සුළං ශක්තිමත් වෙමින් පවතී, සුළු වර්ෂාවක් සහ වියළි අකුණු සැර වැදීමක් සහිත ගිගුරුම් සහිත වැසි සමඟ එක්ව, වික්ටෝරියා හි උතුරු ප්‍රදේශ සඳහා ලැව්ගිනි අවදානම ව්‍යසනකාරී මට්ටම් කරා ළඟා වනු ඇත’ යනුවෙන්.

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

රතු නිවේදන - හෙට සවස 5.30ට ලංකාවට ඇතුල් වෙයි - වහාම ආරක්ෂා වෙන්න

එමෙන්ම ‘ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා අපගේ හදිසි සේවා සමඟ ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම අපට අවශ්‍යයි’ යනුවෙන් වික්ටෝරියා හදිසි කළමනාකරණ කොමසාරිස් ටිම් වයිබුෂ් පැවසු බව විදෙස් මාධ්‍ය දක්වා ඇත.

දැන්ම සූදානම් වී, පුරෝකථනය කරන ලද ව්‍යසනකාරී ලැව් ගිනි අවදානමක් ඇති ප්‍රදේශයක සිටී නම්, අඩු ගිනි අවදානමක් ඇති ප්‍රදේශයකට ඉක්මනින් පිටත් වන ලෙස ජනතාවට ටිම් වයිබුෂ් පැවසු බවද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීමේ පරිමාණයට මට්ටම් හතරක් ඇත.

එහි ඉහළම මට්ටම ව්‍යසනකාරී වන අතර පසුව අන්ත, ඉහළ සහ පහළ වේ. අවම සහ උපරිම උෂ්ණත්වය දින තුනකට වඩා අසාමාන්‍ය වශයෙන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන විට තාප තරංගයක් ප්‍රකාශයට පත් කෙරෙන බව සඳහන්.

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්