වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්
රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ විසින් ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.
තවද මේ වන තෙක් වාහන ආනයනය රජය මඟින් සීමාකර නොමැති වීම හේතුවෙන් වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇති බව ද ඒ මහතා පවසයි.
ඊට අමතරව විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව පිළිබඳව පවතින ගැටලුව විසඳෙනු ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.