සියල්ලන් කැළඹෙමින්, එකවරම ක්රිකට්වල ලොකු පුටුවක වෙනසක්.. අලුත් තීරණත් එක්ක ක්රිකට් වලට මොකක් වෙයි ද?.
ජාතික ක්රීඩා කවුන්සිලය විසින් ඉල්ලා අස්වන ලෙස කළ දැනුම්දීමකට අනුව බංග්ලාදේශ ක්රිකට් ආයතනයේ අධ්යක්ෂ සහ ක්රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ජලාල් යුනුස් එම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ මහතා 1980 දශකයේ වෘත්තීයමය වශයෙන් ක්රීඩා කළ හිටපු වේග පන්දු යවන්නෙකු වේ.
එමෙන්ම, ජලාල් 1990 දශකයේ අග භාගයේ සිට ක්රීඩා සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
2009 සිට ඔහු අඛණ්ඩව බංග්ලාදේශ ක්රිකට් ආයතනයේ වැදගත් භූමිකාවන් කිහිපයකම කටයුතු කල අයෙක් වේ.
ජලාල් යුනුස් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ක්රිකට් මෙහෙයුම් ප්රධානියා බවට පත් විය.
ඉල්ලා අස් වූ ජලාල් වෙනුවට බංග්ලාදේශ ක්රිකට් ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් එරට ජාතික ක්රීඩා කවුන්සිලය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.
කෙසේ වෙතත්, 58 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායක සහ දෙවරක් ප්රධාන තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් එම තනතුර සඳහා පත්වීමට බොහෝ විට ඉඩකඩ පවතින බව වාර්තා වේ.