නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකූමර මහතා ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් මාසය දක්වා රටට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි මේ වන විටත් විවෘත කර ඇති බැවින්, දිවයින පුරා බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහතික කර ඇති බවයි.

එමෙන්ම ලබන නොවැම්බර් මාසය දක්වා මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද ඔහු සහතික කර ඇත.

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

මීට අමතරව මැයි 31 වැනිදා සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව මේ වන විට සාකච්ඡා පවතින බව පැවසූ කළමනාකාර අධ්‍යක්ෂවරයා, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සිට ඩොලර් 150 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම මිල තීරණ කෙරෙහි සෘජුවම බලපා ඇති බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, ඉන්ධන හිඟයක් පිළිබඳ බියෙන් පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කළ ඒ මහතා, ඒවා සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය තොරතුරු බව අවධාරණය කළේය.

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිචේදනය මෙන්න

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිචේදනය මෙන්න

සංස්ථාවේ දත්තවලට අනුව, පෙර ඇණවුම් කරන ලද ඉන්ධන තොග අඛණ්ඩව ලැබෙමින් පවතින බැවින් ලබන ජූලි මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ වන විටත් රට සතු වන ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් කලබලයට පත් නොවී, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත්, දෛනික අවශ්‍යතාවලට පමණක් ඉන්ධන මිලදී ගන්නා ලෙසත් ආචාර්ය නෙත්තිකූමර මහතා වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

ඉන්ධන හිගයක් ඇතිවෙයිද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්