ගුවන් යානයක කැරපොත්තෙක් - අහසෙම හදිසි කලබලයක්
By R.rishma
එයාර් ඉන්දියා ගුවන් යානයක ගුවන් ගමනක් අතරතුර කැරපොත්තන් හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවය සමාව ඉල්ලා ඇත. සැන් ෆ්රැන්සිස්කෝ සිට මුම්බායි බලා යන ගුවන් යානයකදී මෙම සිදුවීම වාර්තා විය.
යානයේ සිටි කැරපොත්තන් නිසා මගීන් දෙදෙනෙකු අපහසුතාවයට පත්වූ අතර, පසුව ගුවන් සේවිකාවන් ඔවුන් වෙනත් ආසනවලට ගෙන ගියහ. පසුව යානය ඉන්ධන පිරවීම සඳහා කොල්කටාවේ නවත්වන ලදී.
යානයේ අභ්‍යන්තරය පිරිසිදු කර ගැටළුව විසඳා ඇත. ගුවන් යානයේ නිතිපතා පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග ගත්තද, සමහර අවස්ථාවලදී කෘමීන් බිම ඇති විට යානයට ඇතුළු විය හැකි බව ගුවන් සමාගම පැහැදිලි කළේය.