මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

Hospitals in Sri Lanka Death Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 18, 2025 03:57 AM GMT
Kaushi

Kaushi

Report

ඇල්පිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කරන ශිතකරණය ක්‍රියාවිරහිත වී මාස 06 කට අධික කාලයක් ගත වී ඇති බව වාර්තා වේ. එහෙත් මෙතෙක් එය අලුත්වැඩියා කිරීමට කටයුතු නොකිරීම නිසා ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත් ව ඇති බව සඳහන්.

මේ නිසා ඇල්පිටිය මූලික රෝහලේදී මිය යන රෝගීන්ගේ මළ සිරුරු බළපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදුවන බවද රෝහල් බලධාරීන් පවසයි.

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

මේ ලග්නවලට අද දවසම සුභයි සැළකිලි කෝටියයි, කවදාවත් හිතන් නැතුව ඇති මෙහෙම ලැබීමක් නම්

එහෙත් රෝහල් බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව නිසා මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට මලසිරුරු බළපිටියෙන් හෝ ගාල්ලෙන් ලබාගෙන නැවත ඇල්පිටියට රැගෙන ඒමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

එසේම මේ නිසා හදිසි මරණ පරීක්ෂණවලට එම රෝහල් වෙත යෑමට වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් කියයි.

මේ අතර මළසිරුරු ප්‍රවාහනයට වැය වන මුදලද වැඩි වී තිබෙන බවද ඔවුන් දක්වයි.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කෙසේ වෙතත් ඇල්පිටිය දිස්ත්‍රික් රෝහල, මුලික රෝහලක් බවට පත්කර ඇත්තේ 2005 වසරේ දී වුවත් එවකට නියමිත ලෙස මෘත ශරීරාගාරය සකස් නොකිරීම නිසා ඇල්පිටිය මූලික රෝහල සතුව ඇත්තේ ඉතා කුඩා මෘත ශරීරාගාරයක් බව සඳහන්.

එමෙන්ම ඇල්පිටිය මුලික රෝහලේදී මියයන රෝගීන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට කන්ටේනර් පෙට්ටියක් ශිතකරණයක් වශයෙන් භාවිතා කරමින් තිබුණද එහි දොර දිරාපත් වීම හේතුවෙන් රත් වූ වාතය ඇතුළට ගමන් කිරීම මත එයද භාවිතයට ගැනීමට නොහැකි ව ඇත.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

මෙම තත්ත්වය පිළිබඳව ඇල්පිටිය මුලික රෝහලේ ප්‍රධාන වෛදය නිලධාරි ඒ එච් කුරුප්පු ආරච්චි මහතා ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුවේදී පවසා ඇත්තේ,

"මෘත ශරීරාගාරයේ ශීතකරණ වැඩ කරන්නේ නැහැ. කන්ටේනර් පෙට්ටියේත් දොර අබලන් වෙලා. මේ හේතුවෙන් මල සිරුරු බළපිටිය රෝහලට හෝ කරාපිටිය රෝහලට ගෙනි යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය, මූලික රෝහලකට ගැලපෙන්නේ නැහැ. මම වෛද්‍ය ශිෂයෙක් ලෙස ඉගෙන ගන්නා 1990/1992 කාලයේ මහ මෝදර රෝහලේ මීට වඩා හොද මෘත ශරීරාගාරයක් තිබුණි. ඊට වසර 35 කට පස්සෙත් මූලික රෝහලක මෘත ශරීරාගාරය මෙතරම් ප්‍රාථමික මට්ටමක තිබීම කණගාටුදායකයි."

එසේම මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ද අදහස් දක්වා ඇත.

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

‘ගෝඨා ගෝ ගම' අරගලයේදී ගිනි තැබූ ගෙවල් වලට දුන්නු වන්දි ආපසු ගන්න නඩු දමයි

"දකුණු පළාතේ රෝහල්වල මෘත ශරීරාගාර සමග බැලුවම ඇල්පිටිය මෘත ශරීරාගාරය ඉතාම පහල මට්ටමක තිබෙන්නේ. මේවා වසර ගණනාවක් තිබෙන පරිපාලන ගැටළු. දැන් රටට රුපියල් තිබෙනවා. ඩොලර් තමයි, නැත්තේ. ඒ නිසා මෙවන් ගැටළු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනවා"

ReeCha