චීන පතල් ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහළට
උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තවත් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247 දෙනෙකු පමණ පතල තුළ සේවයේ නිරතව සිට ඇති බවද වාර්තා වෙයි. මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක අතර, අදාළ පතල් සමාගමේ විධායක නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ෂැන්සි පළාත චීනයේ ගල්අඟුරු කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අතර, චීනය ලොව විශාලතම ගල්අඟුරු පරිභෝජකයා සහ හරිතාගාර වායු විමෝචනය වැඩිම රටක් ලෙසද හැඳින්වේ.
ජාතික පතල් ආරක්ෂණ පරිපාලනයේ දත්ත අනුව, 2010 සිට 2025 දක්වා කාලය තුළ චීනයේ පතල් අනතුරු 3,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
පසුගිය මාසයේදීද ෂැන්සි පළාතේ සින්ග්සියෑන් ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි.