මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - පැය 36ක් වලංගුයි
පසුගිය දිනවල පැවති වියළි කාලගුණික තත්ත්වය මග අරිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය 36 සඳහා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.