සමූපකාර රෝහල් පද්ධතියේ දැවැන්ත වෙනසක් කිරීමට විශේෂ සාකච්ඡාවක්

Report

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමඟ මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) දින පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රජයේ සහ පෞද්ගලික අංශය අතර මධ්‍යස්ථ සේවාදායකයෙකු ලෙස සමූපාකාර රෝහල් පද්ධතිය සතු සම්පත් වඩාත් කාර්යක්ෂමව මහජනතාව වෙත සමීප කරවීමේ හැකියාව පිළිබඳව කරුණු සොයා බැලීම බව සඳහන්.

එසේම මෙම විශේෂ සාකච්ඡාවේ දි සමූපකාර රෝහල් පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණ ක්‍රියාවලියට ලක් කිරිමට කටයුතු කිරීම පිළිබඳවත් කරුණු සාකච්ඡා කර ඇත.

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

තවද මෙහිදී සමූපකාර රෝහල් සේවාව සතු තාක්ෂණික පහසුකම්, පුහුණු ශ්‍රමිකයින්, ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා යන කරුණු පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා විය.

එහිදී සමූපකාර රෝහල් පද්ධතිය මේ වන විට ඩිජිටල්කරණයට ලක් කිරීමට සමූපකාර දෙපාර්තමේන්තුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පරිගණක සේවා සපයන සමාගමක් සමාජ සත්කාරයක් වශයෙන් නොමිලේ එම කටයුතු සිදු කරදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් පෙන්වා දී ඇති අතර එම ඩිජිටල්කරණ වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේදී වෙළෙඳ, වාණිජ, ආරක්ෂණ, සුරක්ෂිත හා සමුපකාර සංවර්ධන අමාත්‍ය ඡ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා විසින්.

මෙරට සමූපකාර රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය, රටේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය නවීකරණය කිරීමේ පුළුල් සැලැස්මට අනුගතව සිදු කෙරෙන බවත්, එහි ප්‍රධාන අරමුණ රෝගී සත්කාරක සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ තොරතුරු කළමනාකරණය විධිමත් කිරීම බවත් පෙන්වා දී ඇත.

ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි

ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි

රජය 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 30 ක පමණ ප්‍රතිපාදන වෙන් කරමින් පුළුල් ඩිජිටල්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්ම මඟින් සියලුම සෞඛ්‍ය ආයතන පොදු ඩිජිටල් රාමුවකට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

එමෙන්ම සමූපකාර රෝහල් පද්ධතිය මඟින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සිදු කෙරෙන සේවාව ද මෙහිදී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සමූපකාර රෝහල් කාර්ය මණ්ඩල වෙනුවෙන් රජයේ සෞඛ්‍ය ආයතන සහ රෝහල් තුළ පුහුණුව ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු ක‍ර ඇත.

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සමූපකාර රෝහල් 21 ක් ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, ඉන් රෝහල් 07 ක් කාන්තා පදනම මත වූ රෝහල් වන අතර අනෙක් රෝහල් 14 තුළින් සාමාන්‍ය රෝගී සත්කාර සේවා ක්‍රියාත්මක කරනු ලබයි.

එම රෝහල් තුළින් පැය 24 පුරා විශේෂඥ වෛද්‍ය සේවා (Channeling), නූතන තාක්ෂණයෙන් යුත් රසායනාගාර සහ X-Ray සේවා, ගිලන් රථ සේවා (Ambulance), දරු ප්‍රසූති, ඖෂධ මිලදී ගැනීම, ශල්‍යකර්ම ඇතුළු තවත් පහසුකම් රැසක් ක්‍රියාත්මක වන බව සඳහන්.  

ජාතික පාසලකට යන්න බලන් හිටපු සිසුන්ට සුබම සුබ ආරංචියක්

ජාතික පාසලකට යන්න බලන් හිටපු සිසුන්ට සුබම සුබ ආරංචියක්