දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)
කුඩා දරුවෙකු කෘෘරත්වයට පත්කළ පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම දරුවා කෘෘරත්වයට පත් කරන ආකාරය පිළිබඳ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඒ , ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙක්.
මෙම දරුවාගේ මව විදේශ රැකියාවකට ගොස් ඇති අතර දරුවා ජීවත්ව ඇත්තේ පියා සමඟයි.
එම මවට යැවීම සදහා දරුවා කෘෘරත්වයට පත්කරන දර්ශන පියා විසින් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කරන්දෙණිය අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අරක්කැමියෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකි.
දරුවා ආහාර ඉල්ලා සිටිමේ දී දණගස්වා පරුෂ වචනයෙන් බැණ වදින ආකාරය ද සමාජ මාධ්‍ය දර්ශන වල දැක්වෙන අතර ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
