සඳ සෙනසුරුගේ ග්‍රහණයට ගත් හැටි. - බැලීමට ආතර්. සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවගෙන් පිරෙයි. - (VIDEO)
By Wayomi
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසීයාමේ දුර්ලභ සිදුවීම අද (25) අළුයම 00.50 ට සිදුවූ අතර, එය නැරඹීම සඳහා නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වෙත විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
වසර ගණනාවකට පසුව සිදුවන මෙම දර්ශනය දැක බලා ගැනීම සඳහා තාරකා විද්‍යා අංශයේ පහසුකම සලසා තිබුණා.
එමෙන්ම නැවත මෙවැනි සිද්ධියක් ශ්‍රී ලංකාවට දර්ශනය වනුයේ 2037 අප්‍රේල් 24 දින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළා.
මෙම සංසිද්ධියේ දී අද අලුයම පැයකුත් විනාඩි 20 ක් චන්ද්‍රයාගෙන් සෙනසුරු වැසී ගිය බව අතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියා.