මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 11, 2024 03:50 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේ දී වැඩි අවදානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ, ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවයි එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ.

ඔබත් මොහුට හසු වී තිබෙනවද? - මොහුව කොහේදී හෝ දුටුවහොත් පහත අංකයට කියන්න.

ඔබත් මොහුට හසු වී තිබෙනවද? - මොහුව කොහේදී හෝ දුටුවහොත් පහත අංකයට කියන්න.


එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

"ගංවතුරට අහුවෙලා මියගිය කුකුළන්ව සුද්ද කරලා, පැකට් කරලා විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේ ගැන මේ දවස් ටිකේම සුපරික්ෂාවෙන් හිටියා. වැටලීම් කරා. දිවයින පුරාම මේක කරනවා. ඔබත් කුකුළු මස් ගැනීමේ දී මේ ගැන පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම මසට ඇති කරන කුකුළන් සුදු පාටයි. මේ කුකුළන් රතු පාටට හුරුයි. මේක කොච්චර උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ගැන තොරතුරක් තිබුණොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දෙන්න."

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.


"කැලණි ගඟ ආශ්‍රිතව තමා ගොඩාක් ගබඩා තියෙන්නේ. ගංවතුරට අහුවුණ තැන් තියෙනවා නම් ගොඩක් අඩු මුදලට ඔන්ලයින් භාණ්ඩ ගෙනත් දෙනවා කියලා දැන්වීම් දාලා ඇති යූටියුබ් සහ ෆේස්බුක්වල. මේවට අහුවෙන්න එපා. මේවා පරිභෝජනයට සුදානම් කරපුවා නෙමෙයි. 1977ට කරුණාකරලා මෙහෙම ඒවා දැනුම්දෙන්න."

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.