ඔබත් මොහුට හසු වී තිබෙනවද? - මොහුව කොහේදී හෝ දුටුවහොත් පහත අංකයට කියන්න.

Sri Lanka Police Missing Persons
By Wayomi Jun 10, 2024 10:19 AM GMT
Wayomi

Wayomi

Report

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය බලාපරොත්තු වෙනවා.

පොලිසිය සඳහන් කළේ , අදාළ ආයතනය මඟින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බවයි.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.


මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර සැකකාරියක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අතර එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ මුදල් වංචාවට එම ආයතනයේ හිමිකරු ලෙසින් පෙනී සිටි අයෙකු බවට අනාවරණය වී ඇත.

එම සැකකරු පදිංචිව සිටින ලිපිනයක් හෝ වෙනත් අනන්‍යතාවයක් මෙතෙක් අනාවරණය වී නැහැ.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.


ඒ, අනුව සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

පොලිස් අධිකාරී / මිරිහාන - 071 8591 643

ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය - 071 8137 373

එම සැකකරුගේ ඡායාරූපය පහතින් දැක්වේ. 


Gallery