අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - දිවයිනටම බලශක්ති ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දිවයිනේ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනවශ්‍ය ලෙස අධිකව ඉන්ධන ලබාගැනීම සහ ගබඩා කිරීමෙන් පවතින තාවකාලික සැපයුම් බාධාවන් තවදුරටත් සංකීර්ණ විය හැකි බවයි.
ඒ හේතුවෙන් ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගන්නා ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවටද සහතික වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම අමාත්‍යවරයා සතියේ මුල් භාගයේදී ඉන්ධන ලබාගැනීමේ සුළු බාධාවක් පැවති බව පිළිගත් අතර මේ වන විට සමාගම් කිහිපයක්ම වෙළඳපොළට යළි ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇති බැවින් තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව සඳහන් කර තිබෙනවා.
තවද පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ස්වාධීනව මෙහෙයුම් කටයුතු කිරීමට සහ මිල ගණන් තීරණය කිරීමට ඉඩ දී තිබුණ ද පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් සාධාරණ සහ අඩු මිලකට ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැපවී සිටින බවද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති කන්ටේනර් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ 37 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.