ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ඉන්ධන ප්‍රිමියම් ගාස්තුවක් - ජූනිවලට කළින් එන්න තියෙන බොරතෙල් නැව් ගැනත් රතු එළියක්

Report

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක මහතා විසින් වර්තමාන රජය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ඉන්ධන ප්‍රිමියම් ගාස්තු අය කරමින් ජනතාව මත දැවැන්ත බරක් පටවමින් සිටින බවත්, මෙහි පිටුපස විශාල වංචාවක් පවතින බවත් අවධාරණය කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව ඔහු සඳහන් කළේ මීට පෙර ඩීසල් ලීටරයක් සඳහා පැවති ප්‍රිමියම් ගාස්තුව ඩොලර් 7.95ක් වුවද, වත්මන් රජය යටතේ එය ඩොලර් 88.98ක් දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ දමා ඇති බව‍යි.

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

එමෙන්ම පෙට්‍රල් සඳහා වන ප්‍රිමියම් ගාස්තුව රුපියල් 46.31ක් දක්වා ඉහළ නංවා ඇති බවත්, ඉතිහාසයේ කිසිදු දිනක මෙවැනි ඉහළ ප්‍රිමියම් ගාස්තුවක් අය කර නැති බවත් චම්පික රණවක මහතා පවසයි.

තවද මෙම ප්‍රිමියම් ගාස්තු ඉහළ දැමීම හරහා සිදුවන මූල්‍ය බලපෑම පිළිබඳව පැහැදිලි කළ හිටපු අමාත්‍යවරයා, ඉන්ධන ලීටරයකින් රුපියලක් හෝ යම් පාර්ශවයක් අතට පත් වුවහොත් එය රුපියල් බිලියන හයකට අධික වංචාවක් වන බව ද පෙන්වා දෙයි.

ඒ අනුව මෙම දැවැන්ත බර අවසානයේ දරා ගැනීමට සිදුව ඇත්තේ මෙරට ලක්ෂ 80ක් වන වාහන හිමියන්ට සහ විදුලි පාරිභෝගිකයන්ට බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පවසන වංචාවන් නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවත්, රජය මේ වන විටත් නියඟය පඩංගුවක් කර ගනිමින් ජනතාව ඒ සඳහා සූදානම් කරමින් සිටින බවටත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්

මේ අතර ඉකුත් වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 6,943ක ලාභය ජනතාවට සහන දීමට යොදා නොගෙන, නැවතත් විදුලි ගාස්තු වැඩි කිරීමට රජය පසුබිම සකසමින් සිටින බව ඔහු පවසයි.

ඊට අමතරව ඉදිරි ජූනි මාසයට පෙර පැමිණිය යුතු බොරතෙල් නැව් හයෙන් හතරක්ම මෙරටට නොපැමිණෙන බවට වාර්තා වී ඇති බවත්, එනිසා දැවි තෙල් වෙනුවට ඩීසල් භාවිත කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

එසේම රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමට ඇති අවසන් දිනය අප්‍රේල් 12 වන දින වුවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති වීමෙන් රුසියානු තෙල් මෙරටට නොලැබෙනු ඇති බවත් ඔහු අනාවැකි පළ ක‍ර සිටියා.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනතාව මත බර පටවනවා වෙනුවට ඕස්ට්‍රේලියාව වැනි රටවල් අනුගමනය කරමින් පොදු ප්‍රවාහනය වැනි සේවාවන් ශක්තිමත් කිරීමට රජය පියවර නොගැනීම කණගාටුදායක බවයි.

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

මුළු ලොවම බලා සිටි ආරංචිය - ට්‍රම්ප් ජාතිය අමතයි - ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ සියල්ල අවසන්

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි

යුද උණුසුම ගිනියම් කරමින් හූති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර - ලෝකෙටම වටින තවත් සමුද්‍ර සන්ධියක් වහන්න යයි