හෙට දවල් 12ට මේකයි වෙන්නේ - විදුලිබල මණ්ඩලය සැරවෙයි

Report

හෙට (26) දින ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව එම වෘත්තීය සමිති පවසන්නේ හෙට දහවල් 12:00 සිට පස්වරු 6:00 දක්වා පැය 6 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවයි.

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්

සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම යනුවෙන් සඳහන් කර ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.

සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව එම ලිපිය මගින් වෘත්තීය සමිති දැනුම්දී තිබේ. එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසයි.

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

ඒ අනුව ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බව එහි දැක්වේ.

මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බව අදාළ වෘත්තීය සමිති එම ලිපියෙන් දැනුම්දී සිටී.

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට පැමිණෙන ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ආන්දෝලනාත්මක ඩේසි ආච්චිගේ මැණික් මල්ල නඩුවෙන් ඩේසි ආච්චි නිදහස් - හේතුව මෙන්න

ආන්දෝලනාත්මක ඩේසි ආච්චිගේ මැණික් මල්ල නඩුවෙන් ඩේසි ආච්චි නිදහස් - හේතුව මෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර