බිහිසුණු අනතුරකින් ගුවන් යානයක් මුහුදට වැටෙයි - දෙන්නෙක් මරුට සිව් දෙනෙක් රෝහලේ
හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ලිස්සා ගිය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මුහුදට පතිත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සිද්ධියෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වයි.
අඳාළ ගුවන් යානය තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයට (Air ACT) අයත් බෝයිං 747-481 වර්ගයේ යානයක් වන අතර එමිරේට්ස් ගුවන් සේවයේ EK9788 දරන ගුවන් ගමන වශයෙන් ඩුබායි සිට පැමිණෙමින් තිබී ඇත.
ඒ අනුව එරට වේලාවෙන් අලුයම 03:50 ට පමණ එය උතුරු ධාවන පථයට ගොඩ බසිමින් තිබියදී ගුවන් තොටුපළේ බිම් කාර්ය මණ්ඩලයේ වාහනයක ගැටී තිබෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ගුවන් තොටුපළේ බිම් කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු මෙම අනතුරින් මුහුදට වැටී ඇත.
අනතුරට පත් දෙදෙනා බේරාගෙන රෝහල් ගත කර තිබුණද ඔවුන් පසුව රෝහලේදීම මියගොස් ඇති බව සඳහන්.
මේ අතර ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා දිවි ගලවා ගත් අතර ඔවුන් ද රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.