හීන එක්ක රට රස්සාවට ගිය ප්‍රදීප්ට අත්වුණ ඛේදනීය ඉරණම - දවස් ගාණකට පස්සේ මළ සිරුර හම්බෙලා

Report

බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු වශයෙන් මාලදිවයිනේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ බැකෝ යන්ත්‍රයක් ද සමග යාත්‍රාවකින් මාලදිවයිනේ වෙනත් දූපතක් වෙත යාත්‍රා කරමින් සිටියදී යාත්‍රාව පෙරළී සිදුවූ අනතුරකින් බව සඳහන්.

මිය ගිය පුද්ගලයා කුරුණෑගල, පඬුවස්නුවර - තෙංගොඩ ගෙදර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 36 හැවිරිදි ටී.එම් ප්‍රදීප් සංජීව නැමැත්තෙක් වන අතර ඉකුත් 10 වන සිකුරාදා මාලදිවයින බලා පිටව ගොස් ඇත.

ඒ එරටදී බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු වශයෙන් රැකියාව කිරීමටයි.

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

ඒ අනුව සංජීව මාලේහි දින දෙකක් රැකියාවේ නිරතව ඇති අතර පසුගිය බදාදා රාත්‍රියේ මාලදිවයිනේ කේ.තුල්හාගිරි සිට නාවික සැතපුම් 1.3ක් දුරින් පිහිටි එරියදූ නිවාඩු නිකේතනය දක්වා 'අල් මාක් ෆියා' නම් යාත්‍රාවෙන් මෙම පුද්ගලයා ගොස් තිබුණේ බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් ද සමග බව සඳහන්.

එම අවස්ථාවේදී අඳාළ යාත්‍රාවේ තවත් 07 දෙනෙකු ද සිට ඇති අතර, යාත්‍රාව හදිසියේම රළ පහරකට හසුව පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.

එම අනතුරින් යාත්‍රාවේ ගමන් ගත් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර, සෙසු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව ඇත.

මෙහිදී ප්‍රදීප් සංජීව අනතුරින් පසු අතුරුදන්ව සිටියත් ඉකුත් (18) වන දින දහවල ඔහුගේ සිරුර ද මාලදිවයින් ගලවා ගැනීමේ කණ්ඩායම් මඟින් සොයාගෙන ඇත.

ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ මියගිය සංජීවගේ දේහය දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි. 

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්