ශ්‍රී ලාංකික දරුවන්ට කැනඩාවේ ඉගෙනගන්න උපාධි ගන්න අවස්ථාවක්

Report

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා කැනඩාවේ සහාය ලබාදෙන බවයි.

ඊයේ (16) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ සුහද හමුවක් පැවතුණි.

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

මෙම සාකච්චාවේදී අමාත්‍ය අබයරත්න මහතා විසින් ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති උසස් අධ්‍යාපන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා කැනඩාවේ සහාය අපේක්ෂා කරන බව දන්වා සිටි අතර සංහිඳියාව, උසස් අධ්‍යාපනය හා සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය ලබා දීමට කැනඩා මහ කොමසාරිස්වරියගේ එකඟතාව පළ වී ඇත.

විශේෂයෙන් ම කැනඩාවේ “Pathways to Peace” ව්‍යාපෘතිය හරහා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමටත්, දෙවන භාෂාවක් ලෙස අන්‍යෝන්‍ය භාෂා ඉගෙනීම දිරිමත් කරමින් සන්නිවේදනය වැඩි දියුණු කිරීමටත් කැනඩාවේ සහාය හිමි වන බවත් උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට කැනඩාවේ ශාස්ත්‍රපති සහ පර්යේෂණ උපාධි සඳහා වැඩි අවස්ථාවන් ලබාදීමට මෙහිදී එකඟතාව පළ කළා.

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි

තවද තාක්ෂණික සහයෝගීතාව යටතේ පුත්තලම, මන්නාරම සහ උතුරු-නැගෙනහිර පළාත්වල පවතින පානීය ජල ගැටලු විසඳීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, මූලික අධ්‍යයනයකින් පසු අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් කැනඩා නියෝජිත පිරිස කැමැත්ත පළ කර ඇත.

ඉන්දියාව සහ කැනඩාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳවද මෙහිදී සුළුවෙන් කරුණු සාකච්ඡා වූ අතර, කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධානයට ලක් වුණා.

මෙම සාකච්ඡාවේදී දෙරටේ දේශපාලන, ආර්ථික සහ සමාජයීය සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව කරුණු හුවමාරු වූ අතර ශ්‍රී ලංකාවේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව මහ කොමසාරිස්වරිය විමසා ඇත. රජය මැතිවරණය හිතාමතා පමා නොකරන බවත් පවතින ඇතැම් නීතිමය, තාක්ෂණික කරුණු සහ සීමා නිර්ණය පිළිබඳ ගැටලු හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බවත් ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වාර්ගික ගැටලුවලට විසඳුමක් ලෙස පළාත් සභා පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් ද පිළිගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවත්ය. කැනඩාවේ “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” සහ ලංකාවේ භූමිකාව පිළිබඳවත් විශේෂයෙන් ම “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” (Indo-Pacific Strategy) යටතේ මෙතෙක් පැසිෆික් කලාපය පිලිබදවත් සාකච්ඡාවේදී අවධානය යොමු විය.

එහිදී ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට තීරණාත්මක වැදගත්කමක් හිමිවන බැවින් මෙම උපායමාර්ගය හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අවස්ථාව පවතින බවත් සාකච්චා විය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා සහ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වෙළඳ උපදේශක ග්වෙන් ටෙමෙල් මහත්මිය (Ms.Gwen Temmel ) හා සහයෝගිතා ප්‍රධානී කිරිල් අයෝර්ඩනොව් (Mr. Kiril Iordanov) මහතා ද සහභාගී වුණා.