ප්‍රධාන පෙළේ බාලිකා පාසලක දැරියකට පාසල ඇතුළෙම පිටස්තරයෙක්ගෙන් අපයෝජනයක් - පරීක්ෂණ ඇරඹෙයි

Report

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 09 හැවිරිදි දැරියක පාසල තුළදී පිටස්තර පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාසල තුළ අත්විඳින්නට වූ සිදුවීම සම්බන්ධයෙන් ඇය දෙමව්පියන්ට පැවසීමෙන් අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර එම දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එබැවින් සිසුවිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව මහනුවර පොලිසිිය ප්‍රකාශ කරයි.

සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - මේ දුරකථන අංක හතර ළග තබාගන්න

සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - මේ දුරකථන අංක හතර ළග තබාගන්න

මේ අතර පාසලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී පිටස්තර පුද්ගලයෙකු විදුහලට ඇතුළු වී තිබෙන බව අනාවරණය වී ඇති අතර ඔහු විදුහලට ඇතුළු වූයේ කුමන ස්ථානයෙන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

එසේම පාසලේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් ඉකුත් කාලයේදී ඉවත්කර නවක පිරිසක් බඳවා ගත් බවත් මෙවන් අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවීමට එයද බලපා ඇති බවත් මව්පියෝ පාසල් පාලනාධිකාරියට දැනුම් දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව