පොළොන්නරුවේ බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි
පොළොන්නරුව බස් නැවතුම්පළේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇතිවූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන SLTB බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් සහ සීසන් බලපත්‍ර ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස් රථවලට මගීන් අඩුවීම මෙම ගැටුමට හේතුව බව පැවසේ.
මාතර සිට පැමිණි බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර, පෞද්ගලික බස් රථ රියදුරකු විසින් එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කර, කළමනාකාරවරයාට පහරදීමත් සමඟ, ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් එම රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදීමෙන් ගැටුම උත්සන්න වී ඇති බව පොලීසිය පවසයි.

මට වුවමනාවක් තිබ්බෙ නෑ හැබැයි මාව ඒකට තල්ලු කළා මම ගොඩක් ට්‍රයි කළා ඒත් දැන් ඇති..නතර කරපු හේතුව රටටම දුකෙන් කියපු දේශානි
තුවාල ලැබූවන් අතර SLTB සේවකයින් තිදෙනෙකු සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවාවන්හි බස් රථ 135කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර, මෙම පහරදීමට විරෝධය පළ කරමින් අද (26) දින බස් රථ වර්ජනයක් සංවිධානය කිරීමට ඩිපෝවේ නිලධාරීන් සැලසුම් කර ඇත.
මේ වන විට පොළොන්නරුව ඩිපෝවේ බස් රථ රැසක් ගාල්කර, ප්‍රධාන ගේට්ටුව වසා ඇති අතර, සේවකයින්ගේ, බස් රථවල සහ දේපළවල ආරක්ෂාව පොලීසිය විසින් සහතික කර තිබේ. පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ආරක්ෂාව යොදවා ඇති අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
