ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය පිළිබඳව යම් ගැටලුවක් ඇත් නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩීවී චානක මහතා ප්රකාශ කරයි.
එසේ නොකොට පාර්ලිමේන්තුවේදී විවිධ කරුණු ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්රයෝජනයක් නැති බවද පාර්ලිමෙන්තු මන්ත්රීවරයා සඳහන් කරයි.
තවද ඔහු කියා ඇත්තේ නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් එක වතාවක් ප්රකාශයක් ලබා ගත්තා හැර වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් ගැන නැති බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් හෝ සිදු කර නැති බවද ඔහු පවසයි.
එබැවින් මේ දිනවල ලන්ඩන් නගරයට ගොස් සිටින රහස් පොලිසියේ නිලධාරීන්ට නාමල් රාජපක්ෂ මහතාගේ ලන්ඩනයේ නීති විභාගය සම්බන්ධයෙන්ද තොරතුරු සොයාගෙන එන මෙන් දැනුම් දෙන ලෙසද ඔහු පාර්ලිමේන්තුවේදී ඉල්ලා ඇත.