තත්ත්වය බරපතළයි 12ක් මරුට - දින 2ට වඩා උණ නම් වහාම රෝගය තහවුරු කර ගන්නා මෙන් දැනුම්දීමක්
2026 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,082ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය දන්වයි.
ඒ අනුව එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන්නේ, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලින් සහ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වැඩි ලෙස වාර්තා වී ඇති බවයි.
එසේම මේ වනවිට ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඇය හෙළි කර ඇත.
එබැවින් පුද්ගලයෙකුට දින 2කට වඩා උණ පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමු වී එය ඩෙංගු රෝගය දැයි තහවුරු කරගන්නා මෙන් වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් භාවිතා නොකරන ලෙසත්, මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ශක භාවිතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියි.