පාර්ලිමේන්තුව ඉදිරිපිට සජබෙන් විරෝධතාවක්

Report

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවක් ආරම්භ කර තිබේ. විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු රථවාහන තදබදයක් ඇති වී ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නියැලෙයි.

මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා, මුජිබුර් රහුමාන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ.

විරෝධතාවය හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් මාර්ගය වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති අතර එහි මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වී ඇත. 

පාර්ලිමේන්තුව සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තුව සභාවාරය ඇරඹෙයි

ජනපතිගේ සහන පැකේජයට IMF හි ප්‍රසාදය හිමිවෙයි

ජනපතිගේ සහන පැකේජයට IMF හි ප්‍රසාදය හිමිවෙයි