විශේෂ ආනයනය කිරීමක් සඳහා අද ලැබුණු කැබිනට් අනුමැතිය.
By Wayomi
අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනය කිරීමට ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර කිහිපයකදී ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා, සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.