මුස්ලිම් පල්ලියක් ගිනි තියයි දෙන්නෙක් ඇතුලේ
බ්‍රිතාන්‍යයේ දකුණු වෙරළ තීරයේ පිහිටි මුස්ලිම් පල්ලියකට පුද්ගලයන් දෙදෙනකු ඒ තුළ සිටියදී ගිනිතබා ඇත. සසෙක්ස් පොලිසිය මෙම ක්‍රියාව වෛරීසහතව කළ අපරාධයක් බවත් ගිනිතැබීම සිදුවන අවස්ථාවේදී පල්ලිය තුළ සිටි පුද්ගලයන් දෙදෙනා දිවි ගලවාගැනීමට සමත් වූ බවත් වාර්තා වේ.
ඒ අනුව දේශපාලනික වශයෙන් උණුසුම් වී ඇති බ්‍රිතාන්‍යයේ ඉස්ලාම් භීතිකාවට සහ යුදෙව් විරෝධීවෛරී සිදුවීම් ඉහළ මට්ටමක පවතින අතර මෙම අපරාධය මැන්චෙස්ටර්හි දේවස්ථානයක් අසල සිදුවූ මාරාන්තික ප්‍රහාරයකින් දින කිහිපයකට පසුව වී ඇත.
මෙම සිදුවීම වාර්තා වූයේ රටේ දකුණු වෙරළ තීරයේ බ්රයිටන්අසල පිහිටිපීස්හේවන් මුස්ලිම් පල්ලියේදීඑරට වේලාවෙන් රාත්‍රී 10 ට මඳ වේලාවකට පෙර වන අතර ස්වේච්ඡා පල්ලි කළමනාකරුවෙකු පවසා ඇත්තේ, මුහුණු ආවරණය කළ පුද්ගලයන් සෙනසුරාදා රාත්‍රියේ පල්ලියේ දොර විවෘත කිරීමට උත්සාහ කළ බවත්, පසුව පදිපෙලේ පෙට්‍රල් වත්කර ගිනි තැබූ බවත්ය.
පහර දෙන අවස්ථාවේදී, පල්ලියේ සභාපතිවරයා සහ තවත් බැතිමතෙකු තේ පානය කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාම අවුරුදු 6ක පමණ පුද්ගලයන් වේ. ඔවුන් පිටතින් විශාල ශබ්දයක් ඇසී, ප්‍රධාන පිවිසුම හරහා ගිනිදැල් පැතිර යන විට ගොඩනැගිල්ලෙන් පලා ගිය අතර රහස් පරීක්ෂකවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටියි.
පසුව CCTV දර්ශනවලට අනුව එක් සැකකරුවෙකු ‘Pre London’ ලාංඡනය සහිත සුවිශේෂී කළු ජැකට් එකක් ඇඳ සිටි අතර, අනෙක් සැකකරු රතු අත්වැසුම් භාවිතා කර ඇත. රහස් පරීක්ෂක ගැවින් පැච් ප්‍රකාශ කළේ, “මෙම දෙදෙනා කවුදැයි ප්‍රජාවේ සිටින අය දන්නා බවට අප විශ්වාස කරනවා” යන්නයි.