බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීම මෙන්න

Report

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ලබන 13 වැනිදා වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දී තිබේ.

අද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ පළාත්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් - මේ පළාත්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්

නේපාලයේ ගෝර්කා ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවෙන බලපෑම ගැන දැනුම්දීමක්